..:: ඇල්මිනියම් තහඩුව මගින් පරිපථ පුවරු සැකසීම ::..
ඉලෙක්ට්‍රොනික් යාලුවන්ට PCB හදන්න පුලුවන් තවත් ක්‍රමයක් අද ඉදිරිපත් කරන්නම්.
*************************************
* මුලින්ම පහත පරිදි ඉතා තුනී ඇල්මිනියම් ශීට් එකක් ගන්න.
* එය A4 කොළයක් මත තබා ලේසර් ප්‍රින්ටරය තුලට යොමු කරන්න (ඉහත රූපය පරිදි )
* ඉන්පසු ඔබගේ පරිගනකය මඟින් ඇඳගත් පරිපථය ප්‍රින්ට් වීමට සලස්වන්න.
* පසුව ප්‍රින්ට් වූ පරිපථ කැබැල්ල හොඳින් පිරිසිඳු කරගත් කොපර් බෝඩ් කැබැල්ලේ කොපර් මතුපිට මතඇල්මිනියම් කැබැල්ලේ පරිපථය ඇඳි පැත්ත තබා එය තුවායක් වැනි රෙදි කැබැල්ලකින් වසන්න.ඉන්පසුව රෙදි මදින ස්ත්‍රික්කයකින් හොඳින් මදින්න.
* බෝඩ් එකේ රස්නය නිවුනු පසු හෙමීට ඇල්මිනියම් ශීට් එක ගලවන්න.
* එසේ සාදාගත් බෝඩ් කැබැල්ල ආරක්ශාකාරීව ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනයට දමන්න.
* අනවශ්‍ය කොටස් දියවූ පසු මෙවන් පරිපථයක් මුද්‍රිත පරිපථ පුවරුවක් ලෙස දිස්වේවි.




No comments:
Post a Comment